ත්‍රිකුණාමලයේ ථෛතිහාසික තිරුක්කෝනේස්වරම් කෝවිල අවට ප්‍රදේශය අපිරිසිදු වන ආකාරයට යම් පිරිසක් ක්‍රියාකරන බව මාධ්‍ය තුල පළවන වාර්තා පිළිබද ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා 2022.09.12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පෙන්වා දුන් අතර කිසිදු ආකාරයෙන් ආගමික කණ්ඩායමකට හානි නොවන ආකාරයට ක්‍රියා කිරීම රජයේ වගකීම බව පෙන්වා දෙන ලදි.
මෙහිදී ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ මෙම කෝවිල අවට ප්‍රදේශයේ සිදුවන අපවිත්‍රතාවය පිළිබද තමන් මාධ්‍ය තුල පල වු වාර්තා දැනගෙන සිටිය බවත් ඒ පිළිබද මේ වන විටත් අවශ්‍ය පියවර ගැනීමට තමන් අදාල බලධාරීන්ට උපදෙස් දී ඇති බවද පැවසීය.
තවද මෙම කරුණු පිළිබද සෘජුවම සොයා බැලීමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හා ආගමික කටයුතු අමාත්‍යවරයා මෙම ප්‍රදේශයට සංචාරය කරන ලෙසත් ඒ තුලින් හින්දු බැතිමතුන්ට යම් අසාධාරණයක් නොවන ආකාරයට තත්වය සමතයකට පත් කිරීමට පියවර ගන්නා ලෙසද ජනාධිපතිතුමන් වැඩිදුරටත් කියා සිටින ලදි.