තිරිඟු පිටි මිළ වැඩිකිරීමට හේතු සමාගම් කියයි
තිරිගු පිටි කිලෝවක මිල රු.20කින් වැඩි කිරිමට පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලීමක් කලත්, පිටි මිල වැඩි කිරිමට අනුමැතිය ලැබුණේ රු.13ක් බව මෙරට තිරිගු පිටි ආනයනය කරන සමාගමක උසස් නිළධාරියෙකු පැවසීය.
කැනඩාවෙන්, ඔස්ට්රේලියාවෙන්, රුසියාවෙන් මෙරටට තිරිගු පිටි ආනයනය කරන බවත්, පවතින යුද්ධයත් සමග තිරිගු ඇට හිගයක් පැවතීමත්, නැව් ගාස්තු වැඩි වීමත්, ඩොලරයේ අගය ඉහළ යෑමත් හේතුකොට ගෙන තිරිගු පිටි නිෂ්පාදනය දිගින් දිගටම පාඩුව පැවතීම නිසා රු.20කින් තිරිගු පිටි කිලෝ එකක මිල ඉහළ දැමීමට රජයෙන් අවසර ඉල්ලා සිටි බවයි එම නිළධාරියා කියා සිටියේ.
දැනට රු.220කට සිල්ලර මිලකට අලෙවි කරන පාන් සදහා භාවිතා කරනු ලබන තිරිගු පිටි කිලෝවක් වැඩි කල මිල සමග සසදා වෙළදපොළේ අලෙවි වන බවත්, පවත්නා මිල වැඩවීම හමුවේ තම සමාගමේ තිරිගු පිටි අලෙවිය පහත වැටී ඇති බවයි එම නිළධාරියා කියා සිටියේ.
මේ අතර, තිරිගු පිටි මිල මෙසේ වැඩි කිරිම හමුවේ තමන්ගේ ආදායම් තත්වය පහළ වැටී ඇති බවත්, තමන් දිනකට දෙවේලක් තිරිගු පිටි ආශ්රිත ආහාර ද්රව්ය පරිභෝජනය කරන බවයි වතු කම්කරුවන් කියා සිටියේ. තිරිගු පිටි මිල වැඩිවීම හමුවේ ආපනශාලාවල කෙටි ආහාරවල මිල වැඩි කිරිමට සිදු වන බව ආපනශාලා හිමියන් පවසන අතර, පාන් සහ අනෙකුත් පිටි ආශ්රිත නිෂ්පාදනවල මිල ඉහළ යැම හමුවේ තම ව්යාපාර කටයුතුද පහළ ගොස් ඇති බවයි වතුකරයේ බේකරි හිමියන් කියා සිටියේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

