තිරිඟු පිටි කිලෝවක තොග මිල තවත් රුපියල් 25 කින් අඩු කළ බව පිටකොටුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ඒ අනුව තිරිඟු පිටි කිලෝවක නව තොග මිල වන්නේ රුපියල් 265 කි.
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති කේ ජයවර්ධන මහතා පැවසුවේ, තිරිඟු පිටි නිෂ්පාදන සමාගම් දෙක තිරිඟු පිටි මිල අඩු කිරීමට මෙතෙක් පියවර ගෙන නොමැති බවත් ආනයනික තිරිගු පිටි මිල අඩු කළ ද බේකරි නිෂ්පාදන වල මිල පහත දැමීමක් සිදු කිරීමට නම් එම පිටි සමාගම් දෙකේ සහ ආනයනික තිරිඟු පිටි තොග මිල රුපියල් 250ක් දක්වා මිල පහත දැමිය යුතු බවයි.