තිරිංග ක්රියාවිරහිත වූ බූම් ට්රක් රථයන් මාර්ගයේ ගමන් කළ හා නවතා තිබූ වාහන කිහිපයක ගැටි අනතුරක් සිදුව ඇතැයි පොලීසිය කියයි.
පස්යාල - මීරිගම මාර්ගයේ කල්එළිය ප්ර දේශයේදී මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් මාර්ගයේ නවතා තිබූ ත්රි රෝද රථ හයක්, මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්රිරෝද රථ දෙකක්, මෝටර් රථයක් හා මොපේඩ් යතුරුපැදියකට හානි සිදුව තිබේ.
එසේම එම ට්රක් රථය තාප්පයකද ගැටී ඇති අතර අනතුර සම්බන්ධයෙන් ට්රක් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.