තියුණු ආයුධයකින් පහර දී සිය බිරිද ඝාතනය කල සැමියාට මරණ දඩුවම ලබා දීමට නුවරඑලිය මහ අධිකරණයේ මහ අධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මහතා (11) දින නියෝග කළහ.
මෙසේ මරණ දඩුවම නියම කරනු ලැබූවේ නුවරඑලිය කදපොල කෝට්ලේජ් වත්තේ පදිංචි සිව ලිංගම් ඥාණසේකරම් නැමති 43 හැවිරිදි එක් දරු පියෙකුටය.
චූදිතයා 2013 වසරේ කදපොල කෝට්ලේජ් වත්තේ අංක 01 ලයිම් කාමරයෙදි සිය බිරිද වන සුප්පයියා මනෝරංජනී නැමති එක් දරු මව කපා කොටා ඝාතනය කිරිම සම්බන්ධයෙන් කද පොල පොලිසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර සැකකරු ඇප ලබා සිටිහ.
වසර 13ක කාලයක් නඩුව විභාග විමෙන් අනතුරුව මහ අධිකරණ විනිසුරු වරයා (11) දින එම නියෝගය නිකුත් කරනු ලැබුවා.