ගාලු පාරේ ඉඳුරුව යාලේගම ප්රදේශයේ වාහනයකින් හප්පා මිය ගියේ යැයි සැකකෙරෙන පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් අද(26)අලුයම් කාලයේ සොයා ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි. ඔහුගේ සිරුර තැලී පොඩිවී ඇති බවත් පොලීසිය කියයි. මිය ගිය පුද්ගලයාගේ තොරතුරු මෙතෙක් අනාවරණයවී නැති බවත් අනතුරට ලක් කළ රථ වාහනය සොයා ගැනීමට පරීක්ෂණ ආරම්භ කළ බවද කොස්ගොඩ පොලීසිය කියයි.