තැපැල් සේවකයන්ගේ අතිකාල දීමනා කප්පාදු කිරීමේ ගැටලුවට අද(21දා) විසඳුම් නොලැබුණ හොත් වෘත්තීය ක්‍රියා මාර්ග ආරම්භ කරන බව තැපැල් වෘත්තීය සමිති සඳහන් කරයි.
අදාළ ගැටලුව සම්බන්ධයෙන් තැපෑල අමාත්‍යාංශ බලධාරීන් අද සාකච්ඡාවක් ලබා දී තිබෙන බවද එම සමිති පෙන්වා දෙයි.
මෙම සාකච්ඡාවෙහිදී නිසි විසඳුම් නොලැබුණ හොත් අද(21) සවස තැපැල් වෘත්තීය සමිති කොළඹදී රැස්වන බවත් එහිදී සිදුකරන වෘත්තීය ක්‍රියා මාර්ගය කුමක්ද යන්න තීරණය කරන බවත් සඳහන් කරයි.
අදාල ගැටලුව විසඳා ගැනීම සඳහා තැපැල් බලධාරීන් සමග පසුගිය15 වැනි දින පැවති සාකච්ඡාවෙහිදී අදාළ ගැටලු පිළිබඳව විෂය භාර අමාත්‍යාංශ බලධාරීන් සමග අද(21දා) සාකච්ඡා කිරීමේ අවස්ථාව ලබා දෙන බවට බලධාරීන් පොරොන්දු වූ බවද පෙන්වා දෙයි.
මේ අනුව තැපැල් වත්තීය සමිති හා තැපැල් අමාත්‍යාංශ බලධාරීන් සමග අද සාකච්ඡා කරන බවද වෘත්තීය සමිති නියොජිතයෝ පෙන්වා දෙති.
සේවකයන්ට අතිකාල ගෙවීමේදී සිදුවන කප්පාදු කිරීම්ටවලට එරෙහිව පසුගිය 15 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට අතිකාල සේවාවලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කිරිමට සැලසුම් කර තිබුණ බවද වෘත්තීය සමිති සඳහන් කරයි.
එහෙත් තැපැල් බලධාරීන් ලබාදුන් පෙරොන්දුව මත වෘත්තීය ක්‍රියා මර්ග ආරම්භ කිරීම අද දිනය දක්වා කල් දැමූ බවද පෙන්වා දෙයි.