තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු අඩුපාඩු කඩිනමින් සකසා ජනතාවට වේගවත් පහසු විශ්වාසදායී තැපැල් සේවාවක් රට තුළ ක්‍රියාත්මක කිරීම සඳහා රජය පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍යා නලින් ද ජයතිස්ස මහතා04 දින ගලේවෙල දී පැවසීය.
වසර පනහකටත් අධික පැරණී ගලේවෙල නගරයේ පැවතී තැපැල් කාර්යාලයේ අබලන් ගොඩනැගිලි ඉවත්කොට පසුගිය අයවැයෙන් වෙන් කෙරුණු රුපියල් මිලියන 14 පමණ මුදලක් වැය කරමින් මේ රජයේ පළමු තැපැල් කාර්යාලයට මුල්වල තැබීමේ උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ගලේවෙල නගර මධ්‍යයේ ගොඩනැඟිල්ල සඳහා මුල් ගල තැබීම ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සුභ මොහොතින් අමාත්‍ය නලින්ද ජයසිස්ස මහතාගේ සුරතින් සිදු කෙරිණි
මෙම උත්සව සභාව ඇමතූ් අමාත්‍යවරයා අසදහන් කළේ තැපැල් දෙපාර්තමේන්තුවේ විවිධ අඩුපාඩුකම් මේ වෙන විට සපයමින් සිටින බවය. ඒ අනුව ලොරි රථ මිලදී ගැනීම සඳහා මේ වන විටත් රුපියල් මිලියන 250 ක් වෙන් කොට තිබෙන බව ද තැපැල් මලු ප්‍රවාහනය කිරීම සඳහා කැප් රථ විස්සක් ටැබ් පරිගණක 1500ක් තවත් කොම්පියුටර් හැටක් ලබාදීමට රජය තීරණය කොට ඇති බවද තැපැල් සේවාව මෙරට ශක්තිමත් කිරීමට අවශ්‍ය සේවක බඳවා ගැනීම් සියල්ල සිදුකරමින් වේගවත් පහසු විශ්වාසනීය තැපැල් සේවාවක් ජනතාවට ලබා දීම රජයේ අරමුණ බව හෙතෙම පැවසීය.
පසුගිය කාලයේ සිටම තැපැල් දෙපාර්තමේන්තුව පාඩුවට පැවතියද ඉදිරියේදී එය ලාභ ලබන ආයතනයක් බවට පත්කරන බවද හෙතෙම සඳහන් කළේය රාජ්‍ය සේවකයින් වෙත දීමනා සහ වැටුප් ලබා දෙනු ලබන්නේ රටේ මහජනතාව භාණ්ඩාගාරයට ගෙවන බදු මුදල්වලින් නිසාවෙන් එම මුදල් පරිහරණය කිරීමේදී රජය එහි වගකීම් සහ වගවීම පිළිබඳව දැඩිව විශ්වාසයෙන් යුතුව කටයුතු කරණ බව රාජ්‍ය සේවකයන් අවබෝධ කර ගත යුතු බව සඳහන් කිරීම විශේෂත්වයකි.
මධ්‍යම තැපැල් හුවමාරුවට ඇගිලි සලකුණු අත්සන් ක්‍රමවේදය වසර පහළොවක් දාසයකටත් පෙර රාජ්‍ය සේවයට හඳුන්වා දුන් එකක් බවත් ලෝකයේ මේ වන විට ඊට එහා ගිය තාක්ෂණික ක්‍රමවේදයන් තිබෙන බව පෙන්වා දුන්නේය
කෙසේ වෙතත් මේ දිනවල තැපැල් දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරියාගේ සිට විශාල පිරිසක් පසුගිය කාලයේ ඇතිවූ වැඩ වර්ජනය නිසා ජනතාවට සේවය කිරීමට මේ දිනවල වෙහෙසෙමින් කටයුතු කරන බව පෙන්වා දුන්නේය.