තැපැල් සේවකයාගේ නිවසේ මෙට්ටය යට නොබෙදූ ලිපි 2078 ක්
හල්දුම්මුල්ල සොරගුණේ හරංකහව ප්රදේශවලට බෙදීමට නියමිතව තිබූ තැපෑලේ ලිපි 2078 ක් නොබෙදා නිවසේ මෙට්ටයක් යට සඟවාගෙන සිටි බව කියන තැපැල් සේවකයෙකු අද 21 උදෑසන සැකපිට අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලිසිය පැවසීය .
අත්අඩංගුවට ගෙන ඇත්තේ හල්දුම්මුල්ල සොරගුණේ උප තැපැල් කාර්යාලයට අනුයුක්තව සේවය කරන තැපැල් සේවකයෙකු බවද පොලිසිය පැවසීය.
මෙම සේවකයාගේ නිවසේ කසිප්පු මත්ද්රව්ය ඇති බවට හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අශෝක ඉඳුනිල් රත්නායක මහතාට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ගොස් පරීක්ෂා කිරීමේදී මෙට්ටය යට ගොඩ ගසා තිබූ ලියාපදිංචි ලිපි 12ක් සහ සාමාන්ය තැපෑලට අයත් ලිපි 1062 ක් තිබී පොලීසිය සොයාගෙන තිබේ.
සැකකරුගෙන් ප්රශ්න කිරීමේදී වසර හයකට අධික කාලයක් තිස්සේ ලිපි බෙදීමක් සිදු නොකර ඒවා මෙට්ටය යට සැඟවූ බවට තොරතුරු අනාවැකිවරණය වී ඇති බවද පොලිසිය පැවසීය.
මහජනයාගේ ඉතා වැදගත් ලිපි ලේඛන සහ වැදගත් දැනුම්දීම් පිළිබඳ තොරතුරු මෙම ලිපි ලේඛනවල ඇතුළත් වී ඇති බවට පොලිසිය සැක කරයි. සැකකරු අද අදාල චෝදනා යටතේ බණ්ඩාරවෙල මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අශෝක ඉඳුල් රත්නායක මහතාගේ මූලිකත්වයෙන් පොලිස් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

