පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසු කොට්ඨාස මට්ටමින් ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරද්දී මෙවර තැපැල් ඡන්ද ප්‍රතිඵල වෙනම නිකුත් කිරීමක් සිදු නොකරන බව ත්‍රිකුණාමලය සහකාර මැතිවරණ කොමසාරිස් එස්.කේ.ඩි. නෙරන්ජන් මහතා පැවැසීය.
තැපැල් ඡන්ද අයදුම්කර ඇති තැපැල් ඡන්ද දායකයන් ලියාපදිංචි වී ඇති ඡන්ද කොට්ඨාසයේ මධ්‍යස්ථාන තුළදී තැපැල් ඡන්ද ගණන් කිරීම සිදුකරන අතර ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල සමඟ තැපැල් ඡන්දයද ගණන් කර ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම සිදුකෙරෙන බව සහකාර මැතිවරණ කොමසාරිස්වරයා කීහ.
ඒ බැවින් මුද්‍රා තැබූ තැපැල් ඡන්ද පත්‍රිකාද ඡ්‍යෙෂ්ඨ ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරුන්ට ඡන්ද පත්‍රිකා හා ඡන්ද පෙට්ටි ලබා ගන්නා අවස්ථාවේදීම ලබාදීම සිදුකළ බවද සහකාර මැතිවරණ කොමසාරිස්වරයා තවදුරටත් කීහ.
ත්‍රිකුණාමලය චමෝද්‍යා