තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා අනන්‍යතාව තහවුරු කරගැනීමට මැතිවරණ කොමිසම පිළිගන්නා හැඳුනුම්පතක් අවශ්‍ය බව එම කොමිසම පෙන්වා දෙයි.
මේ අනුව තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු ගුවන් ගමන් බලපත්‍රය හෝ මැතිවරණ කොමිසම නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතු වේ.
මීට අමතරව ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් රාජකාරි හැඳුනුම්පත භාවිත කිරීමට හැකියාව තිබෙන අතර, මෙම අනන්‍යතා සහතික නොමැති කිසිවෙකු තැපැල් ඡන්දදායකයන් ලෙස සලකා කටයුතු නොකරන ලෙසට මැතිවරණ කොමිසම බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
තැපැල් ඡන්දදායකයෙකු රාජකාරි හැඳුනුම්පත ඉදිරිපත් කළහොත් එම ඡන්දදායකයාගේ අනන්‍යතාව තහවුරු කරගැනීම, සහතික කිරීමේ නිලධාරී කාර්යාලවල අධීක්ෂණයට පත්කර සිටින නිලධාරීයා විසින් සිදුකළ යුතු බවටද මැතිවරණ කොමිසම විසින් උපදෙස් ලබා දී ඇත.
එසේ නොමැති කිසිවෙකුටත් තැපැල් ඡන්දය භාවිත කිරීමට ඉඩ ලබානොදෙන ලෙසද බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
තැපැල් ඡන්දය මේ මස 31 සහ නොවැම්බර් මස 01, 04, 05 යන දිනවල පැවැත්වෙන අතර, එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන පිරිසට නොවැම්බර් 07 වැනිදා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ඡන්දය භාවිත කළ හැකිය.
