මොනරාගල ප්‍රාදේශීය තැපැල් අධිකාරී කොට්ඨාශයට අයත් ඇතිමලේ තැපැල් කාර්යාලයේ රුපියල් විසිහතරලක්ෂ විසිහත්දහස් නවසියහතළිහක වංචාවක් සිදුවී ඇතැයි මොනරාගල කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් ලැබී ඇත.
තැපැල් කාර්යාලයට එදිනෙදා ලැබෙන මුදල් ස්ථානාධිපතිවරයා විසින් පොත්පත් වල සටහන් නොකර ප්‍රධාන කාර්යාලයට භාරනොදී මෙම වංචාව සිදුකර ඇති අතර ඒ පිළිබඳව මොනරාගල ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලය දැනගැනීමෙන් පසු ඒ පිළිබඳව මෙලෙස පොලීසියට පැමිණිලිකර තිබේ.
මේ පිළිබඳව මොනරාගල සහකාර තැපැල් අධිකාරී කාර්යාලයෙන් සිදුකළ විමසීමකදී එහි නිලධාරිනියක පැවසුවේ එය සුළු මුදල් වංචාවක් බවත් ගණන් ගතයුතු දෙයක් නොවන බවයි.වැඩිදුර විස්තර අවශ්‍ය නම් තැපැල්පතිවරයාගෙන් විමසන ලෙසයි.
මොනරාගල කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති විල්ෆ්රඩ් සිල්වා මහතා පරීක්ෂණ පවත්වයි.