තාවකාලික වැඩ තහනමට ලක්ව සිටි සැරයන් අත්තක් කඩා වැටි ජීවිතක්ෂයට
යූ කැලිප්ටිස් ගසක අත්තක් කඩා වැටීමෙන් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව නුවරඑලිය හයිෆොරස්ට් පොලිසියේ නිළධාරියෙකු පැවසීය.
මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ හගුරන්කෙත පොලිසියේ සේවය කරමින් සිටියදි තාවකාලිකව වැඩ තහනමකට ලක් වී සිටි පොලිස් සැරයන් ප්රදීප් කුමාර වීක්රමසිංහ (10420) නැමති 55 හැවිරිදි රිකිල්ලගස්කඩ ගැටගුලාව ප්රදේශයේ පදිංචි දරුවන් තිදෙනෙකුගේ පියෙකි.
පොලිසියේ වැඩ තහනමට ලක් වීමෙන් පසුව සිය සහෝදරයන් සමග නීතියානුකූලව යූකැලිප්ටිස් ගස් කැපීමේ කටයුත්තක නියැලී සිටියදී කැපූ විශාල යූ කැලිප්ටිස් ගසක් තවත් ගසක රැදී තිබූ බවත්, කැපූ ගස බිමට නොවිටීම සම්බන්ධයෙන් සොයා බැලීමට සැරයන්වරයා යන අවස්ථාවේ කැපූ ගස රැදී තිබූ තවත් යූ කැලිප්ටිස් ගසක අත්තක් සැරයනවරයාගේ හිස මතට කඩා වැටීමෙන් බරපතල ලෙස තුවාල ලැබූ සැරයන්වරයා රිකිල්ලගස්කඩ මූලික රෝහල වෙත ඇතුලත් කරන විට මිය ගොස් ඇති බවයි හයිෆොරස්ට් පොලිසියේ නිළධාරියෙකු කියා සිටියේ.
මිය ගිය සැරයන්වරයාගේ සිරුර පෂ්චාත් මරණ පරික්ෂනය සදහා රිකිල්ලගස්කඩ මූලික රෝහලේ තැම්පත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් හයිෆොරස්ට් පොලිසිය පරික්ෂණ පවත්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                