තායි රාජාගේ රුධිර සාම්පල තායිලන්තයේ පශු වෛද්‍යවරු කණ්ඩායමක් ලබාගෙන
තායිලන්තයෙන් ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පන්තියට ත්‍යාග ලැබුණ තායි රාජා හස්තියාගේ රුධිර සාම්පල කිහිපයක් තායිලන්තයෙන් පැමිණි පශු වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් ලබාගෙන තිබෙන බව පෙරදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසයි .
එම හස්තියාට ප්‍රතිකාර කරනු ලබන ප්‍රධාන වෛද්‍යවරයා වන තමන්ව දැනුවත් නොකර මේ ආකාරයට රුධිර සාම්පල ලබා ගැනීම වෛද්‍ය ආචාර ධර්මවලට පටහැනි බවත් ඔවුන් උත්සහා කරමින් සිටින්නේ කුමකටද යන්න සම්බන්ධයෙන් සැකයක් මතුව තිබෙන බවද ජේෂ්ඨ මහාචාර්යවරයා පවසයි .
මුතු රාජා හස්තියානැවත තායිලන්තයට රැගෙන යාමෙන් පසු තායි රාජා ද රැගෙන යාමේ උත්සාහයක් පවතින බවට රාවයක් පැවතුණු නමුත් තායිලන්ත තානාපතිවරයා එයඑම අවස්ථාවේදී ප්රතික්ෂේපකොට තිබුණි .
මුතු රාජා හස්තියා නැවත තායිලන්තයට රැගෙන ගිය උණුසුම පවතිද්දී මෙයට වසර 37කට පෙර දළදා මාළිගාවේ ඇත් පන්තියට තායිලන්තයෙන් ත්‍යාග වශයෙන් ලැබුණු තායි රාජා හස්තියාගේ සුව දුක්විමසීම සඳහා තායිලන්ත තානාපතිඑච්. ආර්.හර්න්පෝල් මහතාද මහනුවරට පැමිණියේය .
ශ්‍රී දළදා මාලිගාවට අයත් පල්ලේකැලේ පිහිටි ඇත් ගාලේ බැඳ සිටි තායි රාජා හස්තයාගෙන් තමන්ට නොදන්නා රුධිර සාම්පල් ලබාගත් එම තායිලන්ත පශු වෛද්‍ය කණ්ඩායමතමන්ට සාකච්ඡාවක් සඳහා අද (17) ආරාධනා කළ බවත්වෛද්ය ආචාර ධර්ම නොපිළිපදින එම කණ්ඩායම සමග සාකච්ඡා කිරීම තමන් ප්‍රතික්ෂේප කළ බවද මහාචාර්යවරයා පැවසීය .
මෙම නීති විරෝධී රුධිර සාම්පල ලබා ගැනීමේ සිද්ධියට මෙරට පශු වෛද්‍යවරු දෙදෙනෙකුගේද සහාය ලැබී තිබෙන බව පැවසූ මහාචාර්යවරයාඒ සම්බන්ධයෙන් පශු වෛද්‍ය සභාවට පැමිණිලි කරන බවද පැවසීය .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
