තායිලන්ත සිසුවෙක් ගුරුවරු 5ක් හා තම ආච්චි හා සීයා වෙඩි තබා ඝාතනය කරයි
තයිලන්තයේ ද්වීතික පාසලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. තරුණ වයසේ පසුවන
වෙඩික්කරුද පසුව වෙඩි තැබීමට යොදාගත් ගිනි අවියෙන්ම සිය දිවි හානිකරගෙන තිබේ.
ජීවිතක්ෂයට පත්වූවන් අතර විදුහලේ ගුරුවරුන් පස් දෙනෙකු සහ වෙඩික්කරුගේ ආච්චි හා සීයාද වන බව ජාත්‍යන්තර පාසල්
වාර්තා කරයි.සැකකරු දිවිහානිකර ගන්නා අවස්ථාවේදී තවත් උණ්ඩ 30 කට වඩා ඉතිරිව තිබී ඇත.
වෙඩි තිබූ පාසල් සිසුවා "ඉගෙනීමේ ආතතියෙන්" පෙළුණ බවට විශ්වාස කරන බව පොලිසිය පවසයි. වෙඩික්කරුගේ සමීප
මිතුරෙකුගෙන් රැස් කරගත් තොරතුරුවලට අනුව මෙම තොතරුරු හෙළිකරගෙන තිබේ.
ප්‍රහාරය "පැහැදිලි පියවර සහ පැහැදිලි ඉලක්ක" සහිතව "හොඳින් සූදානම්" කර ඇති බව තායිලන්ත අග්‍රාමාත්‍යවරයා පවසයි
භාවිතා කළ තුවක්කුව වෙඩික්කරුගේ සීයාගේ නමින් ලියාපදිංචි කර ඇති අතර, තුවක්කුකරු විසින් අප්‍රේල් මාසයේදී ඉන්ස්ටග්‍රෑම්
හි ප්‍රදර්ශනය කර ඇත.
ප්‍රහාරයෙන් පසු බලධාරීන් වෙඩික්කරුගේ නිවස පරීක්ෂා කර ඔහුගේ සීයාගේ හා ආච්චිගේ මළ සිරුරු සොයාගෙන තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

