තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට ඇතුළු හිටපු පොලිස් නිලධාරියෙකු විසින් එල්ල කළ විවෘත වෙඩි තැබීමකින් පුද්ගලයන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තායිලන්ත පොලීසිය පවසයි.
තායිලන්තයේ ඊසාන දිග නොංග් බුවා ලැම්පුහි මෙම ඛේදවාදකය සිදුව තිබේ. ප්‍රහාරයෙන් අනතුරුව සැකකරු පළාගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරකයා වෙඩි තැබීමෙන් අනතුරුව ළමුන්ට හා ඒහි සිටි වැඩිහිටියන්ට තියුණු ආයුධයකින් පහරදී ඇති බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරයට හේතුව අණාවරණය වි නොමැත. මෑතකදී පොලිස් සේවයෙන් පහකර ඇති පුද්ගලයෙක් මෙම ප්රහාරයඑ එල්ල කර ඇති අතර ජීවිතක්ෂයට පත්වූවන් අතර ළමුන් මෙන්ම වැඩිහිටියන්ද සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.

