තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශණ කටයුතු වලට නාමල් රාජපක්ෂ බිය විය යුතු නැති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.
නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ කම්කරු අමාත්‍යාංශයට අනුබද්ධ මිනිස් බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුව මගින් (02) දින සංවිධානය කල හැටන් ශ්‍රී පාද විද්‍යාලයේ පැවති රැකි රක්ෂා පොළ වැඩසටහනට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.
“නාමල් මෙච්චර කලබල වෙන්න ඕන්නෑ තාජුඩීන්ගේ මරණය ගැන මං හිතන්නේ. ඔහුගේ කලබල වීම ඇතුලෙම යමත් තිබෙනවා. ඒ නිසා තාජුඩීන්ගේ මරණය පිලිබද බරපතල සැක සංකා තියනවා. විශේෂයෙන්ම රාජපක්ෂ පවුල මේකට යම් සම්බන්ධයක් තිබෙන බවට පසුගිය කාලය තුලම විවිධ මත, විවිධ කථා පැවතුනා. ඉතින් විධිමත් ලෙස ඒ සම්බන්ධයෙන් විමර්ෂන සිදු වෙමින් තියනවා.
නාමල්ටවත් කාටවත් කලබල වෙන්න දෙයක් නෑ. මොකද මේ ආණ්ඩුව හැම අපරාධයක් පිලිබදවම, හැම වංචාවක් දූෂණයක් පිලිබදවම ඉතාමත් විධිමත් ලෙස විමර්ෂන සිදු කරනවා, සිදු කරලා වැරදිකරුවන්ට නිවාරදි ලෙස දඩුවම් කරනවා. ඒ නිසා කවුරුත් කලබල වෙන්නැ. ඉස්සලම නාමල්ට අපිට කියන්න තියෙන්නේ හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා වගේ කලබල නැතුව ඉන්න.
පෝය ගත වෙන එක ගැන ඒ ගොල්ලෝ ගණන් බලමින් ඉන්නවා. එගොල්ලො ගණන් හදන්න ඕන තව පෝය කියක් එළියේ ඉන්නවද කියලා? ආණ්ඩුව නැති කරන්න නම් පුලුවන් වෙයි කියලා මං හිතන්නේ නෑ.
රටේ ජනතාව අද මේ ආණ්ඩුවේ ගමන් මග පිලිබද ඉතාමත් හොදින්, අවබෝධයෙන් ඉන්නවා, පැහැදීමකින් ඉන්නවා. ආණ්ඩුව තුල අඩුපාඩු තියනවා නම් ඒවත් සකස් කරගෙන අපි සුදානම් ඉදිරියට ඉතාමත් හොදින් මේ රට අරගෙන යන්න.
ගුරුවරුන්ට ශාරීරික දඩුවම් කිරිම පිලිබදව 1907 සිට ඒවා තහනම් කරලා තියෙන්නේ. අද ඊයේ තහනම් කරපුවා නෙවෙයි. අවසානෙට ආපු චක්‍රලේඛනයේ තමයි 2016 වසරේ හිටපු අමාත්‍යාංශ ලේකම් බන්දුසේන මහතා නිකුත් කරපු චක්රලේඛණය.
ඒකක් මේක අලුත් දෙයක් නෙවෙයි. දෙවනි එක තමයි දැන් මේ ගෙනල්ලා තියන පනත කිසිසේත්ම ගුරු, විදුහල්පතිවරු ඉලක්ක කරගෙන ගෙනාපු පනතක් නෙවෙයි. නමුත් අපි දකින විදිහට පාසල් තුල, ගුරු සහ විදුහල්පතිවරු තුල, සමාජය තුල යම් සංවාදයක් මතු වී තියනවා. ඒ සංවාදය හොද එක්ක ලෙස අපි දකිනවා.
ඒ සංවාදය තුල මතු වන කරුණුත් අපි සැලකිල්ලට ගෙන අපි ආණ්ඩුව තුල දැනටමත් මම මැදිහත් වෙලා මීට අදාළ පාර්ශවයන් සමග අභ්‍යන්තරව සාකච්ඡා ගණනාවක් පැවැත්වූවා. ඉදිරියේදි අපේ කණ්ඩායම් රැස්වීමේදි සාකච්ඡා කරලා යම් අවශය විදිහට මේකට මැදිහත් වෙන්න කටයුතු කරනවා. විශේෂයෙන්ම අපි මේ රටේ ගුරු විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා කිසිවෙකුත් බිය විය යුතු නෑ.
අපි එදා වගේම අදත් ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරපු මිනිස්සු අද ආරක්ෂා කරමින් ඉදිරියටත් ගුරු විදුහල්පතිවරු වෙනුවෙන් මැදිහත් වෙන්න අපි සූදානම්ව සිටිනවා. කවුරුත් කලබල වෙන්න එපා. මොකද මේ වෙන සංවාදය ඇත්තටම හොද සංවාදයක්.
ඇත්තටම අපි බලයට පත්වෙච්ච දවසේ සිට අපේ අමාත්‍යාංශයත්, කම්කරු අමාත්‍යාංශයත්, ඒවගේම වැවිලි ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයත් අපි මැදිහත් වෙමින් තියනවා මේ කාරණය සම්බන්ධයෙන්.
අපේ අමාත්‍යාංශය සම්බන්ධ වෙලා සාකච්ඡා වට ගණනාවක් පැවැත්වූවා. අවසන් සාකච්ඡාවත් පසුගිය මාසයේ වැවිලි අමාත්‍යාංශය තුල අපි පැවැත්වූවා. අමාත්‍යාංශ දෙක ඒකාබද්ධව සහ වතු පාලක අධිකාරිය සමග. ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් මාසෙක කාලයක් ඉල්ලා සිටියා ඔවුන්ගේ ස්ථාවරය දැනුම් දීම සදහා. එන සතිය තුල ඔවුන්ගේ ස්ථාවරය සදහා නැවත සාකච්ඡාවක් පවත්වනවා.
අපි ආණ්ඩුවක් විදිහට ඉන්න ස්ථාවරය තමයි දැනට තිබෙන රු.1350ක වැටුප රු.1700 දක්වා පත් විය යුතුයි කියන එක. ඒ ස්ථාවරය තමයි පසුගිය සාකච්ඡාවේදි වතු පාලන අධිකාරියට අපි දැනුම් දුන්නා. ඔවුන්ගේ ස්ථාවරය අපි බලමු ඒ අනුව අපි කොහොමද ඉදිරියට යන්නේ කියලා.” බවයි.
