ශ්‍රී ලංකාවේ ආර්ථීක අර්බුදය විසඳා ගැනීම සඳහා කඩිනම් පියවරක් වශයෙන් ත්රෛපාර්ශයික සහයෝගීතාවයක් ඔස්සේ රටට අවශ්‍ය ආයෝජන ලබා ගත හැකිබව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා යෝජනා කරයි.
ද ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතට සාකච්ඡාවක් ලබාදෙන මහ කොමසාරිස්වරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහහ මහතා ජපානයේ දී කළ සංචාරයේ දී ඉන්දියාව, ජපානය හා ශ්‍රී ලංකාව තු සම්බන්ධ වන සහයෝගීතාවයක් ගැන සාකච්ඡා පවත්වන ලද බව සඳහන් කර ඇතැයි පැවැසීය.
පුනර්ජනීය විදුලිය, ඛනිජ තෙල්, ටෙලිකොම්, සහ වරාය යන ක්ෂේත්‍ර හතර එහි දී ගැලපෙන බව ද මෙහි දී යෝජනා කරයි. ඊශ්‍රායලය හා ඉන්දියාව සම්බන්ධ වන කෘෂි ආයෝජන ව්‍යාපෘති හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ඉන්දියාව සමග එකතු වී ශ්‍රී ලංකාව සඳහා තවත් ඒ හා සමාන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයක් ආරම්භ කළ හැකි බව ද මෙහි දී පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකාවේ තත්ත්වය ක්‍රමයෙන් නිසි මගට පැමිණෙමින් පවතින අතර හදිසි අවශ්‍යතා සැපැයීමේ ක්‍රියාවලිය ක්රමානුකූල වෙමින් ඇති බවත් ආහාර මිල ඉහළයෑම සියයට අසූවක් බවත් ඔහු පෙන්වා දී තිබේ.;
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ අවශ්‍යතාව පිලිබඳව ඉන්දියාව සමග ද සාකච්ඡා කරන අතර පසුගිය කෙටි කාලය තුළ ඉන්දියාව, ඇමරිකානු ඩොලර් බිලියන 3.8ක ආධාර රටට සපයන ලද බව ද මතක් කර තිබේ. පැරිස් කණ්ඩායමේ රටවල් හා චීනය යන රටවලට ද එම සාකච්ඡා ව්‍යාප්ත කර ඇත.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කරගෙන යන සංචිත පහසුකම් ලබාගැනීමේ පියවර අත්‍යවශ්‍ය වන අතර ඉන්දියාව හා චීනය අතර පවතින මතබේධ එයට බාධාවක් වී තිබේ. එම පැකේජය විශාල නොවන නමුත් එදිනෙදා ආර්ථීක කර්තව්‍යයන් ස`දහා එය අවශ්‍යය. මුල්‍ය අරමුදලේ රාමුව ආයොජන සහ අපනයන ස`දහා වැදගත් පිටිවහලකි. ඉන්දියාව හා චීනය අතර පවතින මතබේධ මෙහි දී තීරණාත්මක සාධකයක් වහයෙන් බල නොපානු ඇති නමුත් කලාපීය දේශපාලනය ඉතාම තීරණාත්මක සාධකයක් බව ද මහ කොමසාරිස්වරයා මෙම සාකච්ඡාවේ දී දක්වා තිබේ.