ත්රීවිල් එක උකස්කර බූරු ගසා පරාදවී සරම මූණේ ඔතාගෙන කෝච්චියට පනින්න ගිහින්
රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා ත්රීරෝද රථයක් රුපියල් එක් ලක්ෂ විසිදහසක උකසට තබා බූරු ගසා පරාදවී ඇතිවූ සිත්තැවුලෙන් සරම ඔළුවේ ඔතාගෙන කෝච්චියට පැන සියදිවි නසාගැනීමට උත්සාහ කල පුද්ගලයකු බේරාගත් බව පානදුර දකුණ පොලිසිය පවසයි .
පානදුර , මාලමුල්ල ප්රදේශයේ පදිංචි 52 හැව්රිදි පුද්ගලයකු මෙසේ බේරාගත් බව පොලිසිය කීය.
පානදුර පොලිස් නිළධාරීන් පසුගියදා (12) පානදුර දුම්රිය ස්ථානයෙන් බැස එන මගීන් පරීක්ෂා කරන අතරතුර එම පුද්ගලයා දුම්රිය මාර්ගයේ බැගයක් සහ සරමක් ඇතැතිව ගමන් කරන අයුරු පොලිස් නිළධාරීන්ට සැකසිතී පරීක්ෂා කිරීමේදී බැගයේ තිබූ පොතෙහි. ඔහු පානදුර මෝදර බූරු පිටියේදී, ත්රීරෝද රථය රුපියල් එක්ලක්ෂ විසි දහසක මුදලකට උකස් කර පාරාදවී ඇතිවූ සිත්තැවුලෙන් දුම්රියට පැන දිවි නසාගන්නා බවට සටහන් කර තිබූ බව පොලිසිය කීය.
අතේ තිබූ සරම පිළිබඳ විමසීමේදී සදහන් කර ඇත්තේ දුම්රිය පැමිණෙන විට බිය නිසා මූනේ ඔතාගෙන දුම්රියට පැනීමට රැගෙන ආ බවයි.
පොලිස් නිළධාරීන් විසින් එම තැනැත්තා මනෝ උපදේශනය සදහා යොමුකල බව උසස් පොලිස් නිළධාරීයෙක් කීය.
මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්රියංකර මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක තිලකරත්න සහ උප පොලිස් පරීක්ෂක හේමාල් වීරසිංහ ඇතුළු නිළධාරීන් විසින් සැකකරු ඉදිරි කටයුතු සිදුකර තිබේ.
පානදුර සුමිත් පොතුපිටිය සහ පානදුර සමන් කාරියවසම්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

