අලව්ව ගිරිඋල්ල ප්‍රධාන මාර්ගයේ මිරිහෙලිය ප්‍රදේශයේදී අද (28දා) සවස සිදු වු රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇත.
ත්‍රීරෝද රථයක් ලොරි රථයක් ඉස්සර කිරිමට යාමේදී ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි පාසල් වෑන් රථයේ ත්‍රීරෝද රථය මුහුණට මුහුණ ගැටිමෙන් ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ අලව්ව උඩගන්කන්ද ප්‍රදේශයේ පදිංචි සිරිනිමල් වික්‍රමසිංහ (37) ප්‍රියංකර සම්පත් (32) පුද්ගලයන් දෙනෙකි.
මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ අලව්ව පොලිසිය විසින් සිදු කරනු ලබයි.
අලව්ව ශ්‍යාමා ධර්මසේන

