ත්රීරෝද රියදුරුගේ ඝාතකයා වසර 5කට පසු කොටුවෙයි
තීරෝද රථ රියදුරෙකුට බිරිඳ හා දරුවා ඉදිරිපිට දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු වසර පහකට පසු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
එලෙස ඝාතනයට ලක් වූයේ සුබේ අප්පු කම්කානම්ලාගේ ගයාන් ජිවන්ත නොහොත් ඉසුරු යන අයයි.
ප්රධාන සාක්ෂිකාරිය ලබාදුන් ප්රකාශ හා කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකක 6හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතාට ලද සාර්ථක තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ මට්ටක්කුලිය ඉන්ධන පිරවුම්හල අසල දීය.
එම ඝාතනයෙන් අනතුරුව සැකකරු ප්රදේශය හැර පලා ගොස් තිබිණි.
2017 ජූනි මස 5 වැනි දින මට්ටක්කුලිය ජුබ්ලි මාවත හන්දියේ දී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදුකර පලාගොස් තිබූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු මට්ටක්කුලිය සමිත් පුර පදිංචි වයස අවුරුදු 45 ක පුද්ගලයෙකි.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
