කහටගස්දිගිලිය ප්රදේශයේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහලට රෝගියෙකු රැගෙන ආ ත්රීරෝද රථයක් අද (28දා) දහවල් හදිසියේ ගිනි ගැනීමට ලක්වූ අතර එම අවස්ථාවේදී වහා ක්රියාත්මක වූ රෝහල් කාර්ය මණ්ඩලය හා නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් ගින්න පැතිරීම පාලනය කර එය නිවා දැමීමට සමත් වූහ.
වකුගඩු රෝගයෙන් සහ අංශ භාගයෙන් පෙලෙන රෝගියෙකු ඇතුළු තිදෙනකු මෙම ත්රිරෝද රථයෙන් කහටගස්දිගිලිය මහපොතාන සිටඅනුරාධපුර ශික්ෂණ රෝහල කරා පැමිණ හරිස්චන්ද්ර මාවතට මුහුණලා පිහිටි ගේට්ටුව අසල නතර කිරීමත් සමඟ එම රථය ගිනි ගැනීමට ලක්වූ බව රෝහල් ප්රකාශකයකු පැවසීය.
එම අවස්ථාවේ දී වහා ක්රියාත්මක වූ රෝහල් කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු ත්රීරෝද රථයේ පිටුපස අසුනේ සිටි එම රෝගියා සහ තවත් අයෙකු වහා රථයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් කිසිවෙකුටත් මෙහිදී හානි සිදු නොවූ අතර රෝහලේ තිබුණි.
පසුව රැස්ව සිටි පිරිස රෝහලේ උපකරණ කීපයක් සහ ජලය භාවිතා කරමින් ගින්න නිවා දැමීමට උත්සහ කළ අතර පසුව අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න මුළු මනින්ම නිවා දැමීමට සමත් වූහ.

