ත්‍රීරෝද රථය පෙරළී විශ්‍රාමික ගුරුවරිය මරුට
බදුල්ල කිරිඔරුව මාර්ගයේ ජයසේගෙදර ප්‍රදේශයේ දී අද (11දා) දහවල් ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 13ක පමණ පහළ බෝක්කුවක් තුලට පෙරලීයාමෙන් විශ්‍රාමික ගුරුවරියක් මියගොස් සිව්දෙනෙකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි .
මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ල මැදපාර ඔලියමංඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි ජේ.එම් .චන්ද්රවතී (59) නැමත්තිය බව පොලිසිය කීය.
එකම පවුලක පිරිසක් වන මොවුන් බදුල්ල සිට කිරිඔරුව ප්‍රදේශයේ නෑදෑ නිවසකට මොවුන් ත්‍රීරෝද රථයෙන් ගමන් කරමින් සිටියදී මාර්ගයේ කදු සහිත ස්ථානයකදී එක්වරම ත්‍රීරෝද රථය නැවතී පසුපසට ධාවනය වී බෝක්කුවක් තුලට පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පැවසීය .
තුවාලකරුවන් ගේ තත්ත්වය තරමක් බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
ඇල්ල ප්‍රසාද් රුක්මල් / බදුල්ල පාලිත ආරියවංශ

popular news
-
චමින්ද Wednesday, 11 January 2023 11:42 PM
ඔය කියන හුචක්කුව නිසා වසරකට කීදෙනෙක් මෙලොව හැරගොස් තිබේද කියලා බලන්න සාමාන්‍ය ජනතාව හදිසියේ ගමනක් යන්න ගන්නවා තමයි ඒත් මේ අනාරක්ෂිත වාහනය ඉවත්කිරීමට කටයුතු කලොත් හොදයි කියලා හිතෙනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

