බෙන්තොට ගාලුපාරේ පැරණි ප්‍රාදේශීය සභා කාර්යාලය ආසන්නයේදී අද(3දා) ත්‍රීරෝද රථයක් මෝටර් රථයක් ගැටී සිදුවූ අනතුරෙන් ත්‍රීරෝද රථයට බරපතල හානි සිදුවී එහි ගමන් ගත් රියදුරු ඇතුළු දෙදෙනෙකු බරපතල තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට සහ බෙන්තර රෝහලට ඇතුළත් කර ඇතැයි බෙන්තොට පොලීසිය පවසයි.
ත්‍රීරෝද රථය කළුතර දෙසට ගමන් කරමින් සිටියදී කොළඹ සිට මාතර දෙසට ගමන් ගත් මෝටර් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව සිදුවූ මෙම අනතුරෙන් කිසියම් වෛද්‍ය ප්‍රතිකාරයක් ලබා ගැනීමට රෝහල කරා ගමන් කරමින් සිටි ත්‍රීරෝද රථයේ සිටි මගින් දෙදෙනෙකුත් රියදුරාත් මෙම අනතුරින් බරපතළ තුවාල ලබා ඇති බවත් පරීක්ෂණ සිදුකරන බෙන්තොට පොලිසියේ රථවාහන අංශ නිලධාරීන් කියයි .
මෝටර් රථය මාතර දෙසට ධාවනය කර ඇති 27 හැවිරිදි අලෙවි විධායක වරයකු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතබව පොලිසිය කියයි.
බෙන්තොට පොලිස් ස්ථානාධිපති තුෂාර කාරියවසම් මහතාගේ උපදෙස් මත රථ වාහන අංශ ස්ථානාධිපති උප නිල් ප්‍රියංකර මහතා .සමග පොලිස් කොස්තාපල් පුෂ්පකුමාර (88123) යන මහත්තුරු පරීක්ෂණ සිදු කරයි .
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා