පානදුර ජුබිලි මාවතේ ගාල්කර තිබූ ත්රීරෝද රථයක් අද (28දා) දහවල් ගිනිගෙන දැවී ඇතැයි පානදුර උතුර පොලිසිය පවසයි .
රථය ජුබිලි මාවතේ දියමන්ති ජුබිලි විදුහල ඉදිරිපිටදී ගාල්කර තිබියදී ගිනිගෙන ඇති අතර , කාර්මික දෝෂයක් හේතුවෙන් ගිනි ගැනීමකට ලක්ව ඇති බවට සැක පලකරන බව පොලිසිය කීය.
ගින්නෙන් ත්රීරෝද රථයේ පිටුපස කොටසට දැඩි හානි සිදුව තිබේ.
පානදුර හේනමුල්ල ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකුට අයත් ත්රීරෝද රථයක් මෙසේ ගිනි ගැනීමට ලක්ව ඇති බවත් , ගින්නෙන් ජීවිත හානි සිදුව නොමැති බව පොලිසිය පවසයි.
පානදුර සුමිත් පොතුපිටිය

