ත්රීරෝද රථයකට ගසක් කඩා වැටී පුද්ගලයෙකු මරුට
මාවනැල්ල පොලිස් වසමේ රඹුක්කන මාවනැල්ල මාර්ගයේ තලගොල්ල පාලම ආසන්නයේ තිබූ ගසක් ඊයේ රාත්රී කාලයේ මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්රීරෝද රථයක් මතට කඩා වැටී ඇති බවට මාවනැල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කර ඇත.
ඒ අනුව කඩිනමින් ක්රියාත්මක වූ පොලිස් නිලධාරීන්, ප්රදේශවාසීන්ගේද සහය ඇතිව ගසට යට වී තිබූ ත්රීරෝද රථයේ සිටි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු, කාන්තාවක් සහ කුඩා දරුවෙකු මුදවා ගෙන මාවනැල්ල රෝහල වෙත ඇතුළත් කිරීමේදී ත්රීරෝද රථයේ රියදුරු මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 38 ක් වූ මාවනැල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම ගස කඩා වැටීම හේතුවෙන් රඹුක්කන මාවනැල්ල මාර්ගයේ වාහන ගමනාගමනය තලගොල්ල පාලම අසලින් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත. ගස ඉවත් කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. රථවාහන ගමනාගමනය යථා තත්ත්වයට පත් කරන තෙක් එම මාර්ගය හරහා ගමන් ගන්නා සියළුම රියදුරන් හා මහජනතාව විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි. මෘත ශරීරය මාවනැල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මාවනැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

