සෞඛ්‍ය අමාත්‍යංශය විසින්ව් මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයට එවන ලදුව මඩකලපුව දුම්රිය ස්ථානයේ නවත්වා තිබූ ත්‍රීපෝෂ මළු අඩංගු දුම්රිය මැදිරියක් බිඳ ඒවා සොරකම් කර අලෙවි කළ කල පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මඩකලපුව පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති එස්. ගජනායක මහතා පවසයි.
පසුගිය 05 වැනිදා කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ රැගෙන ගිය ත්‍රිපෝෂා මෙගා බෑග් 1413ක් අඩංගු බෑග් 30ක තිබූ ග්‍රෑම් 750ක් බරැති පැකට් 150ක් සොරකම් කළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ.
මඩකලපුව කූලවාඩි ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු සහ කරුවප්පන්කෙනි ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මඩකලපුව ජවුෆර් ඛාන්



