ත්රීරෝද රථ සොරකම් වලට සම්බන්ධ පස් දෙනකුගෙන් යුත් සංවිධානාත්මක කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය කියයි.
සැකකරුවන් සමග සොරාගත් බව කියන තීරෝද රථ තුනක් පොලිස් භාරයට ගෙන ඇත. මෙම මස තුන් වෙනි දින බොරලැස්ගමුව පොලිස් වසමේ සිදු වූ තීරෝද රථ සොරකමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය සඳහන් කරයි
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්රශ්න කිරීමේදී කොටහේන සහ දෙහිවල ප්රදේශවල සිදු කළ තීරෝද රථ සොරකම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙහිවල නාවලපිටිය රොසැල්ල හැටන් හා කොටගල පදිංචිකරුවන් ය.
සැකකරුවන් නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ