කුලී ගමනක් යන මුවාවෙන් ත්රීරෝද රථයකට නැගි පුද්ගලයෙකු එහි රියදුරුගේ ගෙල තියුණු ආයුධයකින් කපා තුවාල සිදුකොට භිය ගන්වා ත්රිරෝද රථය කොල්ල කා පළායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි මත්තේගොඩ පොලිසිය පවසයි.
තියුණු ආයුධ ප්රහාරයෙන් බරපතළ තුවාල ලැබූ බොරලැස්ගමුව මයුර මාවත ප්රදේශයේ ත්රීරෝද රථ රියදුරු වෑතර දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි.
මෙම ත්රීරෝද රථය ඉකුත් (04) දා සවස බොරලැස්ගමුව ප්රදේශය හරහා මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී කහතුඩුව ප්රදේශයට කුලී ගමනක් යාමට බව පවසා පුද්ගලයෙකු ත්රිරෝද රථයට ගොඩ වී කහතුඩුව යකඩ වැඩපොළ පාරේ පිහිටි නිවසට පැමිණ තිබේ.
එම නිවසේ විනාඩි පහළොවක් පමණ ගත කොට එහි තිබූ බෑගයක් ගෙන යළි මහ ගෙදරට යාමට බව පවසා කිරිගම්පමුණුව ප්රදේශයට පැමිණ එහි රජමහ විහාරය අසලින් අධිවේගී මාර්ගය දෙසට පිහිටා ඇති මාර්ගයේ හුදෙකලා ස්ථානයකට ගොස් එගිදී තියුණු ආයුධයක් රියැදුරෙගේ ගෙළට තබා භිය ගන්වා ත්රිරෝද රථය මෙසේ කොල්ල කා පළාගොස් තිබේ.
එම අවස්ථාවේදී කොල්ල කරු සමග පොර බැඳීමේ දී ත්රීරෝද රථ රියදුරු ගේ ගෙලට බරපතළ තුවාල සිදු වී තිබූ අතර මේ බව දුටු යාබද විහාරස්ථානයේ දායක පිරිසක් 119 හදිසි ඇමතුම් අංකයට දන්වා තුවාලකරු ප්රතිකාර සඳහා වෑතර දිසා රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී ගෙලට බරපතළ තුවාල සිදුව තිබූ රියදුරුට මුලික ප්රතිකාර ලබා දී වැඩිදුර ප්රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ පොලීසිය අවට පොලිස් ස්ථාන සඳහා පොලිස් නිවේදන නිකුත් කර තිබුණි .
ඒ අනුව (04) දා අළුයම රාත්රි මුර සංචාරයේ යෙදී සිටි දෙහිවල පොලිසියේ නිලධාරී කණ්ඩායමකට සැකකටයුතු ලෙස මාර්ගයේ නවතා තිබූ ත්රීරෝද රථයක් දෙහිවල ඕබන් පෙදෙස ප්රදේශයේ නවතා තිබියදී හමු වූ අතර ඒ පිළිබඳව වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ එය පෙර දින මත්තේගොඩ ප්රදේශයෙන් කොල්ල කෑ ත්රීරෝද රථය බවටයි.
ඒ අනුව කොල්ල කන ලද ත්රීරෝද රථය දෙහිවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර කොල්ලකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව පොලීසිය පවසයි .
සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වති.
සිද්ධිය සම්බන්ධයෙන් මත්තෙගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතාගේ උපදෙස් මත ඉදිරි විමර්ශන පවත්වති .