අධික වේගයෙන් ධාවනය වු ත්රිරෝද රථයක් අඩි 25 ක ප්රපාතයට පෙරලිමෙන් ත්රිරෝද රථයේ රියදුරු බරපතල ලෙස තුවාල ලබා කොටගල ප්රාදේශිය රෝහල වෙත ඇතුලත් කල බව දිඹුල පතන පොලිසිය පැවසිය.
මෙම අනතුර සිදු වි ඇත්තේ අද (11දා) දහවල් 12.30 ට පමණ හැටන් නුවරඑලිය ප්රධාන මාර්ගයේ දිඹුල පතන ඩෙවොන් වත්ත ප්රදේශයේදිය.
දිඹුල පතන සිට තලවකැලේ දක්වා අධික වේගයෙන් ධාවනය වි ඇති ත්රිරෝද රථය අනතුරට පත් වන අවස්ථාවේ රියදුරා පමණක් එහි ගමන් කර ඇති බවත්, අනතුරෙන් ත්රිරෝද රථයට දැඩි අලාභ හානි වි ඇති බව දිඹුල පතන පොලිසිය පවසයි.
අධික වේගයෙන් ධාවනය වෙමින් තිබු ත්රිරෝද රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් අනතුරට හේතුව වි ඇති බවට අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන දිඹුල පතන පොලිසිය පැවසිය.

