අධික වේගයෙන් ධාවනය වු ත්රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 20ක පමණ ප්රපාතයකට අද(27දා) දින පෙරළී ඇති බව හැටන් පොලිසිය පැවසිය.උදැසන 7.30ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ , හැටන් ෆෝඩයිස් හරහා ඩයගම ප්රධාන මාර්ගයේ දික්ඔය බටර්ගල වත්ත ප්රදේශයේදිය.
ආගරපතනේ සිට එම මාර්ගයේ හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්රි රෝද රථයේ රියදුරුට වේගය පාලනය කර ගත නොහැකිව ත්රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවත් , අනතුරින් ත්රිරෝද රථයේ ගමන් ගත් රියදුරාට සහ මගින්ට කිසිදු අනතුරක් සිදු වි නොමැත.
අනතුරින් ත්රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති අතර ,අනතුරට හේතුව අධික වේගය බව අනතුර පිලිබද පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේය.