ත්‍රිපිටකය සහ අභිධර්මය මූලික කරගනිමින් විෂයක් ලෙස බෞද්ධාගම ඉගැන්වීමට කටුකැලේ ජුම්මා මස්ජිද් ඉස්ලාම් දේවස්ථානයට අයත් අරාබි පාසලේ අධ්‍යාපනය ලබන සියලුම සිසුන්ට ලබාදීමට එහි පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ.
ත්‍රිපිටකය සහ ශුද්ධ වූ කුර්ආනයේ ඇති සමානාත්මක ඉගැන්වීම පිළිබඳව මෙන්ම ඉස්ලාම් ආගම සහ බුදු දහම අදහම අතර පවතින සමානතා පිළිබඳව මෙහිදි සිසුන්ට මූලික දැනුම ලබා දෙනු ඇති .
මෙම අධ්‍යාපන වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන ආකාරය සොයා බැලීම සඳහා මස්ජිදයේ ආරාධනාවකට අනුව උඩරට අමරපුර නිකායේ අනුනායක පූජ්‍ය කොනකලගල උදිත නාහිමි ඇතුළු හැට නමකින් යුත් භික්ෂූන් වහන්සේලා කණ්ඩායමක් ඊයේ (19) එම ඉස්ලාම් දේවස්ථානයට වැඩම කළහ . මෙහිදී අනු නාහිමියන් වෙත ශුද්ධ වූ කුරාණයේ සිංහල පිටපතක්ද පිරිනැමීය .
බෞද්ධාගමික සිද්ධස්ථාන වල ආගමික කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් දැකබලා දැනුවත් වීම සඳහා ඉස්ලාම් මවුලවි තුමන්ලාට සහ සිසුන්ට ඉදිරියේදී ආරාධනාවක් සිදුකරන බව ද කොණකලගල උදිත හිමියන් එහිදී පැවසීය .
ෂේන් සෙනෙවිරත්න


