ත්‍රිත්ව අර්බුද ගැන බන්දුලගෙන් හෙළිදරව්වක්
වර්ථමානයේ රට තුල ප්‍රධාන අර්බුද 3ක් තිබෙන බවත් රටේ විදේශ විනිමය අර්බුදය අතීතයේ සිට තිබුණු බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
09 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය ආරම්භ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ අද (19දා) පාර්ලිමේන්තුවේ පැවති සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා,
“අපේ රටේ මේ වන විට ප්‍රධාන අර්බුදයන් 3ක් තිබෙනවා. එකක් තමයි විදේශ විනිමය පිළිබඳ (ඩොලර්) අර්බුදය. දෙවැනි එක රාජ්‍ය මූල්‍ය පිළිබඳ අර්බුදය. තුන ආර්ථිකය කඩා වැටිලා එතනින් ගොඩ ඒමේ අර්බුදය. ජනාධිපතිවරයාගේ කතාවේ බොහොම පැහැදිලිව මෙකී අර්බුද සඳහා ජාතික වශයෙන් මේ පාර්ලිමේන්තුවේ වගකීම පිළිබඳ පැහැදිලි කිරීමක් කළ බව මම සඳහන් කරන්න ඕනී.
මේ විදේශ විනිමය අර්බුදය අද ඊයේ ඇති වූ ප්‍රශ්නයක් නෙවෙයි. අපේ රටේ නිදහස ලැබුනු දවසේ සිට කවුරු ආණ්ඩු කළත් ලංකාවට භාණ්ඩ ආනයනය කරන්න යන වියදම වැඩිවන වියදමට සාපේක්ෂව අපි ආදායම් වැඩි කරගත්තේ නැහැ. 1977න් පසු ලංකාවේ තිබුණේ වෙළද හිඟයක්. හැමදාම අපි කරලා තිබෙන්නේ මේ රටේ නිෂ්පාදනය කිරීමට වැඩියෙන් පිටින් ගෙනල්ලා පරිභෝජනය කරලා තිබෙනවා.
මේක තමයි ප්රශ්නයේ ඇත්ත කතාව. කාට හරි බැන බැන ඉන්නවාට වැඩිය මේ තිබෙන ගැඹුරැ ප්රශ්නය පිළිබඳ අවබෝද කර නොගෙන ඒ අවස්ථාවේ ඇති වන වාසිදායක තත්ත්වය තුලදී විදේශ විනිමයෙන් බඩ පිනුම් ගැසීමත්, දුෂ්කරතාවයන්හීදී කාට හරි ඇගිල්ල දිගු කිරීමත් තමයි සිදු කරලා තිබෙන්නේ.
2029 වෙනකන් මේ අර්බුදයට මේ රට මුහුන දෙන්න ඕනී. ඒකයි මේ ගැටලුව ජාතික අර්බුදයක් කියලා කියන්නේ. මෙහෙම ස්වෛරීත්ව බැදුම්කර නිකුත් කරලා ලංකා ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් යහපාලන ආණ්ඩුව වගේ මෙලෙස ණය අරගෙන නෑ.
මේක ගෙනියන්න බැරිවුනු තැන මිලේනියම් චැලේන්ජ් කෝපරේශන් කියන මේ රටේ කොටසක් ඇමරිකා එක්සත් ජනපදයට පාවා දෙන ගිවිසුම අත්සන් කරන්න ලෑස්ති වුනා. අද බංග්ලාදේශයෙන් 250ක් ගන්නවා කියන කට්ටිය ඇමරිකාවෙන් ඩොලර් මිලියන 480ක් සඳහා තමයි මුලු රටම පාවාදෙන එම්.සී.සී ගිවිසුම අත්සන් කරන්න ගියේ. ඒ තරමටම වැටිලා තිබුණේ."යනුවෙන්ද සඳහන් කළේය.
popular news
-
Dayan Thursday, 20 January 2022 04:28 AM
It is very clear this government has no solutions for any of these issues. You all have created these problems and expect public to solve those. What is the use of the government. why not public think of overhauling the present system of governance.
Reply : 0 0
Deepal Nirosh Thursday, 20 January 2022 04:35 AM
ඔබතුමා ඉඳහිට හෝ ඇත්ත කතා කිරීම ප්‍රශංසනීයයි. දැන් මේ අර්බුධයෙන් දිගු කාලීනව ගොඩ එන්න නම් ගත යුතු පළමු පියවර දැනට පවතින අප රටේ අති විධිමත් අධ්‍යාපන ක්‍රමය නො විධිමත් (හැබැයි අවිධිමත් නො වෙයි) අධ්‍යාපන ක්‍රමයක් බවට පරිවර්තනය කර ගැනීමයි. මේ කෝවිඩ් වසංගත අර්බුධය ඊට පියවර තබන් අපට හොඳ අවස්තාවක් සලසා දී තිබෙනවා. එපියවර ගැනීමෙන් තොරව වේදිකාවල නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරන්න කතා කිරීම විහිළුවක් තරම්වත් වටින්නෙ නැහැ.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

