ගල්ඔය සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වු මගි දුම්රියක් අද (07) ප.ව 1.30ට පමණ ගල්ඔය අග්බෝපුර අතර පිහිටි කි.මි. 153 1/4 කනුව අසලදි පීලි පැන එක් මැදිරියක් පෙරළී යෑමෙන් එහි ගමන් ගත් 16 දෙනෙකු තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුලත් කල බව අග්බෝපුර පොලිසිය කියයි.
තුවල ලැබු 16 දෙනා අතර එම දුම්රියේ ගමන් ගත් දුම්රියක නියාමකවරයාද සිටින අතර ඔහුගේ තත්වය තරමක් දුරට බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි. කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වු දුම්රියෙන් ත්‍රිකුණාමලය බලා ගමන් ගන්නා මගින් ගල්ඔය දුම්රිය ස්ථානයෙන් රැගෙන ත්‍රිකුණාමලය බලා ගමන් කරද්දි මෙම අනතුර සිදු වි තිබේ.
අනතුරෙන් පෙරලිගිය දුම්රිය මැදිරියට හා දුම්රිය මාර්ගයට දැඩිලෙස හානි සිදුවි ඇති අතර මේ හේතුව නිසා අනෙකුත් මැදිරිද පිලිපැන ඇති බව පරික්ෂණ පවත්වන පොලිසිය කියයි.
දුමිරිය පිලි පැනිමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් අග්බෝපුර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විපුල් හපුආරච්චි මහතා ඇතුලු කණ්ඩායමක් වැඩිදුර =පරික්ෂණ පවත්වාගෙන යයි.
ත්‍රිකුණාමලය චමෝද්‍යා නේත්‍රාංජලි


