ත්‍රස්තවාදය හා සම්බන්ධ ක්‍රියාකාරකම් හේතුවෙන් අසාදු ලේඛනගත කර සිටි පුද්ගලයන් දෙදෙනෙකු අදාළ ලැයිස්තුවෙන් ඉවත් කිරීම සඳහා ආරක්ෂ්ක අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මේ අනුව නික්ලාපිල්ලෛ ඇන්තනි එමිල් ලක්ෂ්මි කාන්තන් හෙවත් රමේෂ් නැමත්තා හා මුරුගෙසු ශ්‍රී සන්මුගරාජා යන නම් මේ ආකාරයට අදාළ ලැයිස්තුවෙන් ඉවත් කර ඇත.
එමිල් ලක්ෂ්මි කාන්තන් හෙවත් රමේෂ් නැමත්තාට අන්තර්ජාතික පොලීසිය විසින් රතු නිවේදනයක්ද නිකුත් කර තිබෙන අතර, වවුනියාවේ උපන් මෙම පුද්ගලයා විදේශ රටක සිටින බව පැවැසේ.
මුරුගෙසු ශ්‍රී සන්මුගරාජා නල්ලුර් ප්‍ර දේශයේ පදිංචිකරුවෙකු ලෙස සැලකෙන අතර, ශ්‍රී ලංකාවේ ජීවත්වන බවට පැවසෙන අතර, අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ, ආරක්ෂකඅමාත්යාංශයේ ලේකම් කමල් ගුණරත්න මහතා විසින්ය.