තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලු හත්දෙනෙකු නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් ඊයේ (24) වන දින ත්‍රිකුණාමලය, නිලාවේලි මුහුදු තීරයේ තහනම් දැල් භාවිතා කරමින් ධිවර කටයුතු වල නිරත වු පුද්ගලයින් හත්දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය, නිලාවේලි මුහුදු තීරය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීතිවිරෝධී ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් හත් දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
එහිදි එම පුද්ගලයන් සහ ඔවුන් සතුව තිබි සොයා ගන්නා ලද තහනම් දැලක්, ඩිංගි යාත්‍රාවක් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දෙන ලදී.
මෙම වසර පුරාම නීතිවිරෝධී දැල් භාවිතා කරමින් නැගෙනහිර මුහුදු තීරයේ මසුන් ඇල්ලීමට කටයුතු කරනු ලැබු පුද්ගලයින් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇති අතර, එමඟින් සාගර පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය ආරක්ෂා කර අනාගත පරපුරට මත්ස්‍ය සම්පත මෙන්ම සාගර සම්පත සුරක්ෂිත කර දීමට නාවික හමුදාව අපේක්ෂා කෙරේ.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
