තව පැය කිහිපයකින් යහපාලන රජයෙ අවසාන අයවැය ඉදිරිපත් කරනවා - සොයිසා
තව පැය කිහිපයකින් යහපාලන රජයෙ අවසාන අයවැය ලේඛණය ඉදිරිපත් කරන්න නියමිතයි. මේ දෙස විමර්ශනාතාමකව බලද්දි බරපතළ අයවැය පරතරයක් තියෙනවා යැයි පා.ම රංජිත් සොයිසා මහතා පැවසිය.
ඔහු මේ බව සඳහන් කළේ අද (5) පැවති මාධ්‍ය හමුවට ඉදිරිපත් වෙමිනි.
එහිදි වැඩිදුරටත් ඔහු සඳහන් කළේ,
“අයවැය සම්මත කරගැනීම දක්වා ආණ්ඩුවට අභියෝග දෙකක් තියෙනවා. අයවැය සම්මත කරගන්නේ කොහාමද කියන දේ සහ අධිකරණයට තමන් බහුතරය කියලා බලයේ ඉන්න එජාපයට පෙන්වීමේ ගැටලුවක් තියෙනවා.
පිරිසක් අයවැයට සහාය නොදෙන බවත් කියනවා. විපක්ෂය ලෙස අපි කියන්නේ ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ අයවැය කියලා දෙකක් නැති බවයි. අපි අයවැය පරාජය කරන්න පියවර ගන්නවා. ස්වයං රැකියා ඇති කරනවා ඉඩම් ඔප්පු දෙනවා වැනි දේ කිව්වට ඒ දේවල් කරන්න තරම් තත්ත්වයක් රටේ ගොඩනැගිලා නැහැ.
කුරුණෑගල වෙළඳ කලාපය විවෘත කරන්න ගිහින් අගමැතිවරයා කියනවා හයවෙනි පරාක්‍රමබාහු රජුගෙන් පසුව සහලින් රට ස්වයං පෝෂිත කළේ තමන් බව. අලුතින් වික්‍රමසිංහ රජු ලෙසයි දැන් හදුන්වන්නේ. එතුමා සහලින් රට ස්වයංපෝෂිත කරපු නිසා තමයි මත්තල ගුවන්තොටුපළේත් වී පිරෙව්වේ” යනුවෙන් ඔහු පැවසිය.

popular news
-
Champa Tuesday, 05 March 2019 01:52 PM
ඉඩම් ඔප්පු දෙන්න ඉස්සෙල්ල භයානක ඉඩම් පනතක් ගේනව. දැනටමත් විදේශිකයන්ට සීමාවක් නැතුව රටේ ඉඩම් සහ ව්‍යාපාරික ආයතන ගන්න පුළුවන්. ඉඩම් ඔප්පු දෙන්නේ මිනිස්සුන්ට ආදරේට නෙමෙයි. ආණ්ඩුව විදේශිකයන්ට ඉඩම් විකුනුවහම මිනිස්සු කැහගහන හින්ද, මිනිස්සු ලව්වම ඉඩම් විකුනුවන්න කරපු කූට උපක්‍රමයක්. මේක යහපාලන අවසාන අයවැය විතරක් නෙමෙයි යූඑන්පී ආණ්ඩුවක අවසාන අයවැය. ආයේ කවදාවත් ලංකාවේ යූඑන්පී ආණ්ඩුවක් හැදෙන්නේ නැහැ. මේ දවස්වල පිස්සුවෙන් නන්දොඩවන අගමැති තමයි අන්තිම යූඑන්පී අගැමති. මේ අන්තිම යූඑන්පී ආණ්ඩුව.
Reply : 1 0
athura Tuesday, 05 March 2019 03:00 PM
චම්පා මහත්මාණනි හෝ මහත්මියනි මෙය යු එන් පි ආණ්ඩුවක අවසාන අය වැය නොවුනහොත් ඔබ මෙහි අදහස් දැමීම නතර කරනවද.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
