තවම නම් කර ඇත්තේ එක් තනතුරක් පමණයි - සජිත්
දූෂණය වංචාව තුළින් රට කෙළෙසූ කිසිඳු අයෙකුට තමාගේ අත්සනකින් කිසිඳු පත්වීමක් ලබා නොදෙන බවත් තමා දැනට තීරණය කොට ඇත්තේ ආරක්ෂාව පිළිබඳව තනතුරක් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දීම පමණක් බවත් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඊයේ (30දා) පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ දඹුල්ල නිශ්ශංක පිටියේ සංවිධානය කොට තිබූ ජනාධිපතිවරණ ප්රචාරක රැළියක් අමතමිනි.
"මෙවර ජයග්රහණයෙන් පසුව අපි නම් කරලා තිබෙන්නේ එකම එක තනතුරයි මේ වන විට රටේ ජාතික ආරක්ෂාව රටේ නීතිය හා සාමය පිළිබඳව විතරයි මම තීන්දුවක් අරගෙන තිබෙන්නේ .ඒ වගකීම මම දුන්නෙ පෞද්ගලික හිතවත්කම් මත නෙවෙයි. ලබාදුන්නේ රටට අනුපමේය සේවයක් කරපු යුද්ධය දිනවපු විරෝධාර සරත් ෆොන්සේකා මහතාට.
එම තනතුර එතුමට භාරදුන්නේ දක්ෂතාවය මත. එම නිසා මම කියනවා මුළු ලංකාවේම ජනතාවට එම පත්වීම ආදර්ශයට ගන්න ඉදිරියට මගේ පෑනෙන් අත්සනින් පත්වීමක් සිදුවෙනවා නම් අන්න ඒවා තමයි මිනුම් දඬු මොනම හේතුවකටවත් රට සූරා කාපු හොරාකාපු දූෂණය වංචාව ක්‍රියාත්මක කරලා රට කෙලෙසු කිසිම කෙනෙකුට සජිත් ප්‍රේමදාස ගේ අත්සනින් කිසිම පත්වීමක් නැතෙයි කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි.
අපේ රටේ සංස්කෘතිය අපේකම රටේ කම දේශීයත්වය කෙලෙසු කිසිම කෙනෙක් ඉදිරි ආණ්ඩුවෙ පත්වීම් ලබන්නේ නැති බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. එම නිසා සියලු දෙනාම අවබෝධ කරගන්න සරත් ෆොන්සේකා මැතිතුමා පමණයි අපි ඉදිරි රජයේ වගකිව යුත්තෙක් හැටියට නම් කරල තිබෙන්නේ .ඒ සෙසු අයටත් පත්වීම් ලබා දෙන කොට දෑත් පිරිසිදු ද නැද්ද දුණය වංචාව හොරකම රටේ රාජ්‍ය සම්පත මංකොල්ල කාලා තියෙනවාද නැද්ද කියන කරුණු කාරනා හොයලා බලලා මගේ අත්සනින් පත්තින් ලබාදෙන්නෙ කියන එක මේ අවස්ථාවේ මම වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා.”
එස් කරුණාරත්න

popular news
-
kapila Thursday, 31 October 2019 10:02 AM
මේ කතාව ඇත්ත නම් රනිල්, මංගල, රවී, සුජීව, දයා, ආදීන් ලබන කැබිනට් එකේ ඉන්න බෑ. කියනවා වගේ කරයිද මන්ද.
Reply : 5 27
bandara Thursday, 31 October 2019 10:52 AM
එතකොට අර්ජුන් ඇලෝෂියස් ගෙන් SF සල්ලි ගත්තත එක හොරකමක් නොවේද?
Reply : 25 29
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

