තවත් ලාංකිකයින් 314 දෙනෙකු දිවයිනට
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල් 03ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 314 දෙනෙකු එම රටවල සිට පැමිණි ගුවන් යානා 04 න් අද (29) දින අලුයම සහ දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මුලින්ම අද දින අලුයම 12.15 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි සිට පැමිණි ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 264 දරන ගුවන් යානයෙන් එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 24 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඉන්පසුව අද දින අලුයම 1.45 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් 46 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
අද දින අලුයම 5.15 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන ගුවන් යානයෙන් එරට රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඒ සමගම ජර්මනියේ ෆ්‍රෑන්ක්පර්ට් නුවර සිට අද දින දහවල් 11.15 ට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1506 දරන විශේෂ ගුවන් යානයෙන් , එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 217 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මොවුන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් අනතුරුව නීරෝධායන කටුනායක සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් යොමු කර තිබේ .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

