තවත් 21කට ඊශ්‍රායලයේ රැකියා
ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්‍රි ලාංකිකයින් 21 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (25) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී සිදුකරන ලදී.
මෙම පිරිසට කාන්තාවන් 18 දෙනෙකු හා පිරිමි ශ්‍රමිකයින් තිදෙනෙකු අයත්වන අතර එම පිරිස 2023.07.27 දින ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය අතර 2020 වසරේ ඇතිකර ගත් ගිවිසුම ප්‍රකාරව ශ්‍රි ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවන අතර 2022 අප්‍රේල් 28 දින සිට මේ දක්වා ශ්‍රී ලාංකිකයින් 441 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්රයේ රැකියා වරම් හිමිව තිබේ.
ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා වරම් හිමිවූ තවත් ලාංකිකයින් 16 දෙනෙකු අගෝස්තු මස 2 වන දින ඊශ්‍රායලය බලා යාමට නියමිතව ඇත.
ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා ශ්‍රි ලාංකිකයින්ට හිමිවන අතර, ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා කිසිඳු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වලකින ලෙස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

popular news
-
Kumar Tuesday, 25 July 2023 06:36 PM
eeye americawe rupavahini nalikawala sutun dakkanam makada. lankawe aya palsthina janayata sahaya dakwanawana nogisn sitinna oney nadda. rakiyanathi palasthinun onaatharam israyeleye sitinawa. palasthinayata sahaya wachanayen pamanayida
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

