මෙම මාසයේදි ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක්ද ලබන මාසයේදි තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 21ක්ද මෙරටට ලැබිමට නියමිත බව ඖෂධ නිෂ්පාදනය,සැපයිම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ නොවැම්බර් පළමු වන සතියේදි සිට කොවිඩ් මර්දන එන්නතේ තුන් වන මාත්‍රාව වන බුස්ටර් මාත්‍රාව ලබා දිම ආරම්භ කරන බවය.
ඒ අනුව ඉදීරිපෙළ සෞඛ්‍ය සේවකයින් ආරක්ෂක අංශවල සාමාජිකයින් සහ සංචාරක කර්මාන්තයේ නියැලෙන පුද්ගලයින්ට එම බුස්ටර් මාත්‍රාව ලබාදෙන බව චන්න ජයසුමන මහතා පැවසීය.