මාවිල් ආරු අමුණේ සිට කල්ලාර් දක්වා ජලය ගෙනියන ඇල මාර්ගයේ පාවෙමින් තිබූ අලි මළ සිරුරක් අද (27) දහවල් ප්‍රදේශවාසීන් කළ දැනුම් දීමක් මත සොයාගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
මාවිල් ආරු අමුණේ සිට ඇල මාර්ගය දිගේ ගසාගෙන විත් එක් ස්ථානයක රැඳී තිබූ මෙම අලි මළ සිරුර ගොඩගත් අතර එම අලියාගේ හොඬේ එක් තුවාලයක් පමණක් දක්නට ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ සේරුනුවර අඩවි කාර්යාලයේ අඩවි ආරක්ෂක ඒ.එම්.සී.මධුරංග මහතා පැවසීය.
අලි මළ සිරුරේ වෙනත් කිසිදු බාහිර තුවාලයක් දක්නට නොමැති අතර මේ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා ගිරිතලේ පිහිටි වනජීවි පශූ වෛද්‍ය ඒකකයට දැනුම් දීමට වනජීවී නිලධාරීහු කටයුතු කළහ. වයස අවුරුදු 15 ත් 20 අතරේ පසුවෙන මෙම අලියා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේරුනුවර අඩවි කාර්යාලය මගින් සිදු කරගෙන යයි .
ත්‍රිකුණාමලය චමෝද්‍යා
