සේරුවිල පොලිස් වසමට අයත් සිරිමංගලපුර කුඹුරු යායේ කෙරවල කොටිගල නැමැති ප්‍රදේශයේ මියගොස් සිටි වල් අලියෙකුගේ තවත් මළ සිරුරක් ඊයේ (27) පස්වරුවේ සොයාගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
දින කීපයකට පෙර මියගොස් ඇති බවට සැක කරන මෙම අලියාගේ මුඛයෙන් රුධිර වහනය වීමක් දක්නට ඇති අතර එය හක්ක පටස් ආහාරයට ගැනීම නිසා හක්ක පුපුරා ගොස් ඇති බවට සැක කරන්නේ යැයි එම දෙපාර්තමේන්තුවේ සේරුවිල අඩවි කාර්යාලයේ වනජීවී අඩවි ආරක්ෂක ඒ.එම්.සී.මධුරංග මහතා පැවසීය.
වයස අවුරුදු 30 පමණ පිරිමි සතෙකු වන මෙම අලියා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා ගිරිතලේ පිහිටි වනජීවී පශු වෛද්‍ය ඒකකයට දැනුම් දී ඇති බව අඩවි ආරක්ෂක වැඩිදුරටත් කීහ .
ත්‍රිකුණාමලය චමෝද්‍යා
