තවත් ලාංකිකයින් පිරිසකට ඊශ්‍රායලයේ රැකියා දොරටු ඇරේ
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය අතර 2020 වසරේ ඇතිකර ගත් ගිවිසුම ප්‍රකාරව ශ්‍රි ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවේ.
ඒ අනුව සාත්තු සේවා රැකියා වරම් ලැබූ 51 වන කණ්ඩායම ලෙස රැකියා ලාභීන් පහලොස් දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (2023.04.20 දින) සිදුකරන ලදී.
මෙම පිරිසට කාන්තාවන් 14 දෙනෙකු හා එක් පිරිමි අයෙකු අයත් වන අතර, මොවුන් 2023.04.23 දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.
2022 අප්‍රේල් 28 දින සිට මේ දක්වා ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 302 කු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටව ගොස් තිබේ.
ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා ශ්‍රි ලාංකිකයින්ට හිමිවන අතර, ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා කිසිඳු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වලකින මෙන් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

popular news
-
Kumar Friday, 21 April 2023 02:55 PM
palasthina prashnaya sulliwalata yatawenawada?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

