තවත් මෙට්‍රෝ බස් 104ක් අගෝස්තු 15ට පෙර ගෙනෙයි
ශ්‍රී ලංකාවේ නාගරික පොදු ප්‍රවාහන සේවාව වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ‘ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට්’ බස් සේවාව සඳහා නව බස් රථ 104ක් ආනයනය කිරීමට අදාළ නිල ගිවිසුම් අත්සන් තැබීම ඊයේ (18) බත්තරමුල්ලේ පිහිටි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.
ප්‍රවාහන අමාත්‍යාංශයේ සෘජු මෙහෙයවීමෙන් සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අනුබද්ධිත ‘ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට්’ සමාගම වෙනුවෙන් මෙම බස් රථ තොගය ඇණවුම් කර තිබේ.
ගිවිසුම සඳහා අමාත්‍යාංශය වෙනුවෙන් ලේකම් මහාචාර්ය කපිල සී. කේ. පෙරේරා මහතා අත්සන් තැබූ අතර, සැපයුම්කාර ආයතනය වන ඉන්ද්‍රා ට්‍රේඩර්ස් වෙනුවෙන් එහි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් අත්සන් තැබූහ.
ගිවිසුම් ප්‍රකාරව නවීන බස් රථ 104 එළඹෙන අගෝස්තු 15 වන විට මෙරටට ගෙන්වා අවසන් කිරීමට නියමිතය. කඩවත සහ රත්මලාන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ඉදිවෙමින් පවතින නව මෙට්‍රෝ සේවා අංගන සමඟ මෙම බස් රථ ධාවනයට එක් කිරීම හරහා මෙරට පොදු ප්‍රවාහනයේ ගුණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් ඇති කිරීමට රජය අපේක්ෂා කරයි.
මෙම අවස්ථාවට ‘ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට්’ සමාගමේ සභාපති තිලකරත්න මහතා, ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු බී. එම්. පියතිලක මහතා ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

