තවත් මිනිස් ජාවාරමක තොරතුරු හෙළිවෙයි
මිනිස් ජාවාරම්කරුවන් විසින් ලෙබනනය හුවමාරු මධ්‍යස්ථානයක් කරගනිමින් නීති විරෝධි ලෙස ශ්‍රී ලාංකිකයින් ඉතාලිය වෙත රැගෙන යාමේ ජාවාරමක් පිළිබඳව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත තොරතුරු ලැබී ඇතැයි එම කාර්යාංශය කියයි.
එසේ අන්තරායකාරී ලෙස ඉතාලිය බලා යාත්‍රා කළ බෝට්ටු කිහිපයක්ම අනතුරට ලක්වී අවතැන් වූ පිරිස අතර, මෙරට පිරිසද සිටින බැවින්, මෙම නීතිවිරෝධි ක්‍රියාවලිය හා අනතුරුදායක බව පිළිබඳව ලෙබනනයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත දන්වා සිටියි.
මෙවැනි ජාවාරම්කරුවන්ට හසුවී තම වටිනා ජීවිතය අනතුරේ නොහෙලන ලෙස හා තම මුදල් නාස්ති කර නොගන්නා ලෙස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙවැනි ජාවාරම් සිදුකරන පුද්ගලයින් පිළිබදව තොරතුරු දන්නේ නම්, පහත සඳහන් කර ඇති දුරකථන අංක මගින් දැනුම් දෙන ලෙස කාර්යාංශය මහජනතාවට වැඩිදුරටත් දන්වා සිටියි.
පැය 24 තොරතුරු මධ්‍යස්ථානය - 1989 ක්ෂණික ඇමතුම් අංකය
විමර්ශන අංශය - 0112864214
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

