ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා හිටපු කැබිනට් අමාත්‍යවරුන් අතර තීරණාත්මක සාකච්ඡාවක් තවත් පැයකින් පමණ ආරම්භ වීමට නියමිතව තිබේ.
මෙම සාකච්ඡාව ජනපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබේ. පවතින දේශපාලන තත්ත්වය හා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
ජනපතිවරයාට හා ආණ්ඩුවට විරෝධය දක්වමින් කොළඹ ගොල්ෆේස් පිටියේ තරුණ තරුණියන් ඇතුළු පිරිසක් ඊයේ ආරම්භ කළ උද්ඝෝෂණය තවදුරටත් එම ස්ථානයේදී පැවැත්වෙයි.
මේ අතර මෙම හමුවෙන් පසුව ආණ්ඩුවේ සිට ස්වාධීනවූ මන්ත්‍රීවරුන් 41 දෙනා හා ජනපතිවරයා අතර හමුවක්ද අද රාත්‍රී 7.00ට පැවැත්වීමට නියමිතව තිබේ.