තවත් පත්ල පහත් බස් රථ 50ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
මහජන ප්‍රවාහන පද්ධතිය නවීකරණය කිරීමේ රජයේ වැඩසටහන යටතේ නාගරික ප්‍රදේශවල මගී ප්‍රවාහන සේවා සඳහා තවත් සුවපහසු පතුල පහත් බස් රථ 50ක් ප්‍රසම්පාදනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
මීට පෙර සුවපහසු පතුල පහත් බස් රථ 100ක් මිලදී ගැනීම සඳහා ප්රදානය කර තිබූ කොන්ත්‍රාත්තුව යටතේ එම බස් රථ මේ වන විට ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති අතර, මගී ඉල්ලුම ඉහළ යාම සහ නවීන මහජන ප්‍රවාහන සේවා කොළඹින් ඔබ්බට ව්‍යාප්ත කිරීමේ රජයේ සැලැස්ම අනුව මෙට්‍රෝ බස්රථ ව්‍යාපෘතියේ පළමු අදියර මහනුවර, ගාල්ල සහ යාපනය නගර දක්වා පුළුල් කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව, මෙට්‍රෝ බස්රථ ඇණියේ ධාරිතාව ඉහළ නැංවීම සඳහා 2026 මාර්තු 6 දින බස් රථ 100ක් මිලදී ගැනීම සඳහා පිරිනැමූ කොන්ත්‍රාත්තුව යටතේම, රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව 50%ක නැවත ඇණවුමක් ලෙස තවත් සුවපහසු පතුල පහත් බස් රථ 50ක් ප්‍රසම්පාදනය කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
