බෝතල් කළ පානීය ජලය මිල වැඩි කිරීමට එම ව්‍යාපාරිකයන් කටයුතු කර තිබේ. ඒ බෝතල් කළ පානීය ජලය වෙනුවෙන් පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කරමින් පසුගිය 29 දා අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කිරිමෙන් අනතුරුවය.
නව මිල ගණන්
මිලි ලීටර් 500 ක ජල බොතලයක් රුපියල් 15 කින් ඉහළට නව මිල රුපියල් 50 යි.
ලීටරයේ ජල බෝතලයක් රුපියල් 20කින් ඉහළට නව මිල රුපියල් 70යි.
ලීටර එකහමාරක බෝතලයක් රුපියල් 20කින් ඉහළට නව මිල රුපියල් 90යි.
ලීටර 5 ක බෝතලයක් රුපියල් 50කින් ඉහළට නව මිල රුපියල් 200 යි.
ලීටර 7 ක බෝතලයක් රුපියල් 70කින් ඉහළට නව මිල රුපියල් 240යි.