තවත් ගැබ්බර ඇතින්නක් වෙඩි ප්‍රහාරයකින් මරුට
කැකිරාව වෙරුන්කුලම වැව ආසන්නයේ වෙඩි වැදීම්කින් මිය ගිය බවට සැක කෙරෙන ඇතින්නියකගේ මළ සිරුරක් අද (03දා) දින අලුයම සොයාගත් බව කැකිරාව පොලීසිය කියයි.
වෙරුම්කුලම වැවේ සිට මීටර් 100ක් පමණ දුරින් මෑ කරල් වගාකරන ලද කුඹුරු ඉඩමක ඇතින්න වෙඩි වැදී වැටී සිටියදී ප්‍රදේශවාසීන් රිටිගල වන ජීවී කාර්යාලයට සහ පොලිසියට දැනුම් දී තිබේ.
මෙම ඇතින්නියගේ හිස මතට වෙඩි වැදීම සිදුවී තිබෙන බවත් ටි 56 වර්ගයේ ගිනි අවියක් භාවිත කරමින් මෙම වෙඩි තැබීම් සිදු කළේද යන්න සැක සහිත බව පොලිසිය කියයි.
අතින්නියගේ නළල මත ඉතා සියුම් තුවාලයක් පිටතින් දක්නට තිබෙන බවත් වෙනත් කිසිදු තැනක වෙඩි සලකුණු නොමැති බවත් එක උණ්ඩයක් හිස මත පසාරු කරගෙන ගොස් මිය ගොස් ඇති බව පොලිසියකි යයි.
කෙසේ වෙතත් මෙම මියගිය ඇතින්නිය ගැබ්බර ඇතින්නියක් බවට සැකකරන බවද එය තහවුරු කර ගැනීම සිදුකරන්නට හැකිවන්නේ වන ජීවී පශු වෛද්‍යවරුන් විසින් සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු බව වන ජීවී නිලධාරීහු පවසති.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

